/
/
title icon
වැස්ස තවදුරටත් - ආපදා මරණ ගණන 06 දක්වා ඉහළට
වැස්ස තවදුරටත් - ආපදා මරණ ගණන 06 දක්වා ඉහළට
Editor
10 months ago
Share:
වැස්ස තවදුරටත් - ආපදා මරණ ගණන 06 දක්වා ඉහළට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 06ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉදිරි පැය 24 තුළ සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

නිරිතදිග මෝසම ක්‍රමයෙන් සක්‍රීය වීමත් සමග ප්‍රදේශ රැසකට මේ වනවිට අධික වැසි ඇදහැලෙමින් පවතිනවා.

ඒ සමග ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර, ගංඟා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට අවදානයෙන් පසුවන ලෙස ආපදා අංශ දැනම් දුන්නා.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 104.6ක් ලෙස වාර්තා වුණේ, නුවරඑළිය - වටවල ප්‍රදේශයෙන්.

තද වැසි සමග ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, දේපළ හා නිවාස හානි මෙන්ම පුද්ගල මරණ හයක්ද වාර්තා වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required