
‘විවේචන වෙනුවට විසඳුම්, පොරොන්දු වෙනුවට උපාය මාර්ගික වැඩපිළිවෙලක්’ යන තේමාව යටතේ ‘සර්වජන බලය’ නමින් නව දේශපාලන සන්ධානයක් අද පිහිටුවනු ලැබුවා.
මෙහිදී එම සියලුම දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ප්‍රධාන වශයෙන් මව්බිම ජනතා පක්ෂය සමඟ එක්වීම විශේෂත්වයක්.
කොළඹදී පැවැති එම දේශපාලන සන්ධානයට අත්සන් කිරීමේ අවස්ථාවට දේශපාලන පක්‍ෂ නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පක්‍ෂ නියෝජිතයෝ සහභාගි වුණා.
එම සන්ධානයට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් ඩී. බී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර සහ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන එම සන්ධානයට අත්සන් තැබුවාා.