
පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග වෙළෙඳපොළේ එළවළු මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග එළවළු ඵලදාව විනාශ වීම මෙලෙස මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති අජිත් කළුතරගේ මහතා සඳහන් කළා.
මේ අතර මත්ස්‍ය මිල ගණන් ද මේ දිනවල ශීඝ්‍ර ඉහළ ගොස් තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධීවරයින් ධීවර කටයුතු සඳහා යොමු නොවීම හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.