/
/
title icon
වාහන ආනයනයට ඉඩ දෙන හැටි මහ බැංකුව අධිපති කියයි
වාහන ආනයනයට ඉඩ දෙන හැටි මහ බැංකුව අධිපති කියයි
Editor
10 months ago
Share:
වාහන ආනයනයට ඉඩ දෙන හැටි මහ බැංකුව අධිපති කියයි

වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම්, ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති බවයි.

"සමහර වාහනවලට දැනටමත් ඉඩදීලා තිබෙනවා. වාහන ආනයනය ක්‍රමානුකූලව ලිහිල් කරන එක වැදගත් තීරණයක්. විදේශ විනිමය කළමනාකරණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා." යනුවෙන් මහා බැංකුව අධිපතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required