/
/
title icon
උසස් පෙළ ප්‍රතිඵල සඳුදාට පෙර
උසස් පෙළ ප්‍රතිඵල සඳුදාට පෙර
Editor
8 months ago
Share:
උසස් පෙළ ප්‍රතිඵල සඳුදාට පෙර

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සඳුදාට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි මස 4 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වුණා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරමින් පවතින බවයි.

ඊට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටි අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන්.

විභාගයට පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required