
රුසියානු - යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන මස රුසියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා මේ බව කියා සිටියා.
ඔහු පැවසුවේ මෙරට නියෝජිත පිරිස ජුනි 5 - 7ත් අතර කාලසීමාවේදී රුසියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බවයි.
රුසියානු - යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දුන් අතර එම අංකයට මේ දක්වා පැමිණිලි 455ක් ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසන්නේ.
මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙක් අතුරුදන්ව ඇති බවත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙක් නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.