
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
පසුගිය ජනවාරි 4 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා උසස් පෙළ විභාගය පවත්වනු ලැබුවා.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන්.
පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 40,556ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 173,444ක් සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයින් 190කගේ ප්‍රතිඵල අත්හිටුවීමටයි විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.