/
/
title icon
අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල ගණන් පහළට
අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල ගණන් පහළට
Editor
8 months ago
Share:
අද මැදියම් රැයේ සිට ඉන්ධන මිල ගණන් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, ඉන්ධන වර්ග දෙකක මිල ගණන් නොවෙනස්ව පවතිනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් වනු ඇති.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 420ක් 

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 317ක් වනු ඇති.

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර එහි මිල රුපියල් 377ක් වනවා.

භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 202ක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required