
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දැමීමට තීරණය මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.
අධික වර්ෂාවත් සමග එම පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් එලෙස පිවිසුම වසා දැමීමට තීරණය කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
ඒ අනුව, යළි දැනුම්දෙනතුරු වැලිපැන්න පිවිසුම වසා තැබෙන අතර අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන දොඩංගොඩ හෝ කුරුඳුගහහැතැම්ම අන්තර් හුවමාරු භාවිත කළ යුතු බවද එම අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.