/
/
title icon
අයහපත් කාලගුණයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 15ක් - අද රැයෙත් වැසි
අයහපත් කාලගුණයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 15ක් - අද රැයෙත් වැසි
Editor
8 months ago
Share:
අයහපත් කාලගුණයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 15ක් - අද රැයෙත් වැසි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක පවුල් 5,492ක පුද්ගලයින් 19,669 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා. 

එසේම, පසුගිය සති දෙකක පමණ කාලයක සිට පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව මේ වනවිට 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. 

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි. 

06d04ef4eeb413573da5ae1f4e7dd35f.jpg

මේ අතර, ප්‍රදේශ රැසකට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසක ගොඩබිම් ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. 

කොළඹ සහ අවට ප්‍රදේශවලට අද පෙරවරුවේ සිට ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වුණා. 

කැලණිගිං සහ නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. 

බියගම - කැලණිය මාර්ගය මල්වානෙන් දමාපලගම - පිටිගල මාපලගමින් දහිනිදුමඋඩුගමනාගොඩබද්දේගමනෙළුව ආදි ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටව තිබෙනවා. 

මේ අතර, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නැව්ගල ප්‍රදේශයේදී විශාල මාර ගසක් මාර්ගය හරහා කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අවහිර වී තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required