/
/
title icon
රේල් පාරේ බස් එල වූ රියදුරා රිමාන්ඩ්
රේල් පාරේ බස් එල වූ රියදුරා රිමාන්ඩ්
Editor
8 months ago
Share:
රේල් පාරේ බස් එල වූ රියදුරා රිමාන්ඩ්

අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයේ ධාවනය කළ සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.

රත්නපුර කොළඹ මාර්ගයේ තුම්මෝදර ප්‍රදේශයේ පැවැති රථවාහන තදබදයක් අතරතුර සැකකරු අන්තරාදායක ලෙස බස් රථය දුම්රිය මාර්ගයේ ධාවනය කිරීම සම්බන්ධයෙන් ඊයේ අවිස්සාවේල්ල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required