/
/
title icon
රත්නපුර සහ නිවිතිගල පාසල් හෙටත් වැසේ
රත්නපුර සහ නිවිතිගල පාසල් හෙටත් වැසේ
Editor
10 months ago
Share:
රත්නපුර සහ නිවිතිගල පාසල් හෙටත් වැසේ

හෙට දිනයේදීත් රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක් වසා තැබීමට සබරගමුව පළාත් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර අධ්‍යාපන කලාපයේ රත්නපුර, කුරුවිට හා ඇහැළියගොඩ කොට්ඨාස වලට අයත් සියලු පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලු පාසල් වසා තැබෙනු ඇති.

මේ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සියලු පාසල් හෙට දිනයේ යළි විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

ගංවතුරෙන් හානියට පත්වූ පාසල් සහ අවතැන්වූවන්ගේ මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් පිළිබඳව තීරණය කිරිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පැවරූ බවද දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required