/
/
title icon
තොරතුරු සමාජයට වැදගත්ද ?
තොරතුරු සමාජයට වැදගත්ද ?
Uresha Perera
8 months ago
Share:
තොරතුරු සමාජයට වැදගත්ද ?

යමක් ඔබ ඇස ගැටුණ සැණින් , ඔබේ සවනතට වැටුණ සැණින් ඒ කුමක් දැයි බැලීමට ඇසීමට ඔබ පෙළඹෙනවා නේද? එනම් පුද්ගලයා තුළ පවතින තොරතුරු දැන ගැනීමට ඇති කුතුහලය නැතහොත් ආශාවයි.මෙම ලිපිය හරහා ගෙන එන්නේ 'තොරතුරු' සමාජයට කෙතරම් වැදගත්ද යන්නයි .

තොරතුරු යනු සකස් කරන ලද දත්ත නැතහොත් කරුණු සමූහයක් යනුවෙන් සරලව අර්ථ දැක්විය හැකිය.මානවයා යනු තොරතුරු පිපාසයෙන් පෙලෙන සමාජ සත්ත්වයෙකි.ශරීරයට ජලය මෙන් මනසට තොරතුරු අවශ්‍ය වේ.තොරතුරු නොමැතිව සමාජයේ ජීවත්වීමට නොහැකිය.

අද වන විට තාක්ෂණය දියුණු වීමත් සමග විවිධ මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ලබා ගැනීමට මානවයාට අවකාශය පවතී.මේ හේතුවෙන් වර්තමාන සමාජය තොරතුරු සමාජයක් බවට පත්වී ඇත.එහෙයින් නූතනය වන විට තොරතුරු වැඩිවෙමින් ස්ඵෝටනය වේ.එම නිසා නිවැරදි තොරතුරු ලබා ගැනීම තරමක් අසීරු කාර්යයක් බවට පත්වී ඇත.එසේ හෙයින් සත්‍ය තොරතුරු හඳුනාගැනීම උදෙසා ග්‍රාහකයා සතුව මාධ්‍ය සාක්ෂරතාව තිබීම වැදගත් වෙයි.

නිරන්තරයෙන් මොහොතින් මොහොත පැයෙන් පැය දිනෙන් දින වෙනස්වන අලුත් වන සමාජ, සංස්කෘතික ,දේශපාලන, ආර්ථික, තාක්ෂණික හා එකී මෙකී නොකී සියලු ක්ෂේත්‍ර පිළිබඳව තොරතුරු ලබා ගැනීමට සන්නිවේදනය ඉවහල් වෙයි.තව දුරටත් පවසතොත් සන්නිවේදනය හරහා සිදු  වන්නේ තොරතුරු හුවමාරුවීමකි.

ඔබ අප ජීවත්වන මේ තොරතුරු සමාජයේ අපට රිසි අයුරින් තොරතුරු තෝරා බේරා ගෙන භාවිත කරන්නට අවකාශය පවතී.පුද්ගල, ආයතනික, ලිඛිත හා මාධ්‍ය වශයෙන් විවිධ මූලාශ්‍ර පවතී.තමන් තොරතුරු ලබා ගන්නා මූලාශ්‍රය විශ්වාසවන්ත මූලාශ්‍රයක් ද යන්න පිළිබඳව නිරන්තරයෙන් ග්‍රහකයා සැළකිරිමත් විය යුතුය.මන්ද අසත්‍ය තොරතුරු පළ වන්නට පවනින ඉඩකඩ  වැඩිවීම හේතුවෙනි.

පෙරට වඩා වේගයෙන් තොරතුරු සන්නිවේදනය වේගවත් වුවද තොරතුරු  වල අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් පැන නගී.විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා පළවන තොරතුරු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය.ඇතැම් විට තොරතුරු පළ කළ ද ඒ වගකීමක් ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවේ.හුදෙක් සමාජ මාධ්‍ය පමණක් නොව ඇතැම් අවස්ථාවල ජනමාධ්‍යයේ පවා (එක් එක් නාලිකාවල එකම ප්‍රවෘත්තිය වෙනස් ආකාරයන්ට ඉදිරිපත් කරයි) පළ කරන තොරතුරු    සත්‍ය සිතුවිලි හා සැසඳීමේදී වෙනස් විය හැකිය.

උදාහරණයක් වශයෙන් පසුගිය 2023 වසරේ දෙසැම්බර් මස 28 වන දින  සිය දිවි නසා ගත් ආගමික අන්තවාදී පුද්ගලයා පිළිබඳව එක් එක් මාධ්‍ය තුළ විවිධ අදහස් පළ විය.එසේම ඔහුගේ නම / වයස හා අනෙකුත් සිය දිවි නසා ගත් අනුගාමිකයන් පිළිබඳව පවා පළ වූයේ විවිධ මාධ්‍ය නාලිකා තුළ විවිධ අදහස් වේ.

එම සිද්ධිය දෙස අවධානය යොමු කිරීමේදී තොරතුරු වලින් පුද්ගල මනසට කෙතරම්නම් බලපෑමක් කළ හැකිද යන්නට කදිම නිදසුනකි. එම (රුවන් ප්‍රසන්න) නමැති පුද්ගලයා සමාජයේ පුද්ගලයන්ගේ මනසට ආගමික අන්තවාදය නැමැති විෂ පොවන්නට ගත් උත්සහය කෙතරම් දුරට සාර්ථක වී ඇත් ද යන්න ඇස් පනා පිට දිස් වුණි .මෙතරම් තාක්ෂණය දියුණු ලෝකයේ මෙම පුද්ගලයා අනුව යන අනුගාමිකයන් කොපමණ සමාජයේ සිටීද?එම තොරතුරු සත්‍ය යැයි විශ්වාස කරන්නේද යන්න ඒ සිදුවීම හරහා මැනවින් විෂද විය. මෙම සිද්ධිය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ සාක්ෂරතාවය තිබූ පමණින් පුද්ගලයා බුද්ධිමතෙක් නොවේ යන්න යි.ඒ අනුව පෙනී යන අනෙක් කරුණ නම් තොරතුරු සමාජය වෙත ප්‍රබල බලපෑමක් එල්ල කරන බවයි.

Uresha Perera 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required