
එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයකදී අද උදෑසන සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් 54 හැවිරිදි බියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 34 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පුද්ගලික අංශයේ රැකියාවක නියුතු කාන්තාවක් බවයි පොලීසිය කියා සිටියේ.