
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද රාත්‍රියට සහ හෙට දිනයට බල පැවැත්වෙන පරිදි නිකුත් කළ කාලගුණ නිවේදනයේයී මේ බව දැක්වෙන්නේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවයි.
එසේම උතුරු-මැද පළාතේත් මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවිය හැකි බව එහි දැක්වෙනවා.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.