/
/
title icon
ජල ගැලීම්වලට හේතු වන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවතට
ජල ගැලීම්වලට හේතු වන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවතට
Editor
8 months ago
Share:
ජල ගැලීම්වලට හේතු වන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවතට

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඊට අදාළ චක්‍රලේඛය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පවතින තෙත් බිම් සංරක්ෂණය කිරීම මගින් ජල ගැලීම් පාලනය කිරීමට හැකි බවයි.

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවතින කුඩා ජල මාර්ග, පැති කාණු අවහිරවීම ජලගැලීම්වලට ප්‍රධාන හේතුව බවට හදුනාගෙන තිබෙන බවද ලේකම්වරයා පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required