/
/
title icon
පානදුරේදී දුම්රියක් පීලි පනී - අවහිර වූ එක් මාර්ගයක් විවෘත කෙරේ
පානදුරේදී දුම්රියක් පීලි පනී - අවහිර වූ එක් මාර්ගයක් විවෘත කෙරේ
Editor
8 months ago
Share:
පානදුරේදී දුම්රියක් පීලි පනී - අවහිර වූ එක් මාර්ගයක් විවෘත කෙරේ

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිලී පැනීමෙන් අවහිර වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් ධාවන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත්, තවදුරටත් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

පානදුර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ දුම්රියක් අද පෙරවරුවේ පීලි පැනීමට ලක්වූ අතර මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.

මේ අතර  දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ ද දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය තලවකැලේ හා වටගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required