/
/
title icon
රජයේ වැඩවල ප්‍රතිලාභ ජනතාවට දෙන්න මැදිහත් වන්නැයි ජනපති ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලයි
රජයේ වැඩවල ප්‍රතිලාභ ජනතාවට දෙන්න මැදිහත් වන්නැයි ජනපති ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලයි
Editor
8 months ago
Share:
රජයේ වැඩවල ප්‍රතිලාභ ජනතාවට දෙන්න මැදිහත් වන්නැයි ජනපති ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලයි

රජයේ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට හිමි කරදීමට මැදිහත් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

පළාත් ආණ්ඩුකාරවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ති‌බෙනවා.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී පෙන්වාදී ඇති අතර එළැඹෙන ජුලි 03 වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවද ප්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required