
මෙරට වැඩිහිටි ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ, මේ වන විට මෙරට උපතේ දී ආයු කාලය අවුරුදු 79 ඉක්මන බවය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ ආසියාවේ ඉතා ශීඝ්‍රයෙන් වයසට යන ජනගහනයක් වාසය කරන රට ශ්‍රී ලංකාව බවයි.
මෙරට උපතේ දී ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් 79.7%ක් බවත්, නවතම ඇස්තමේන්තුව අනුව කාන්තාවන් සඳහා එය අවුරුදු 83 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු කියා සිටියා.