බටහිර නර්තන කලාවෙහි එන ජනප්‍රියතම නර්තනයක් වන බැලේ මුල් යුගයේදී හඳුන්වන ලද්දේ බැලරා යන නාමයෙනි. බැලේ යන වචනය එම බැලරා යන පදයෙන් බිඳී ආවකි.මෙය ඒක පුද්ගලව හෝ සාමූහිකව , නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනු ලබන්නකි.මෙහිදී පාවී යන ආකාරයේ චලන , වේගවත් කරකැවීම්, පැනීම් සහ ඇගිලි තුඩු වලින් කරන නර්තනයන් ඉතා ආකර්ෂණීය අන්දමින් යොදාගැනේ. නම්‍යශීලීව,නර්තන රේඛා ගොඩනඟා ගනිමින් , සිරුර ඉතා සමබරව තබාගෙන නර්තනයේ යෙදීම සිදුකළ යුතු අතර කාන්තා පිරිමි දෙපිරිසටම මෙම නර්තනය හැදෑරිය හැක. නමුත් මෙහි ප්‍රවීණයකු වීමට නම් ක්‍රමවත් සහ අඛණ්ඩ පූහුණුව අත්‍යවශ්‍යය.
බැලේ නර්තන සම්ප්‍රදාය පහළොස් වන සියවසේ මුල් භාගය තෙක් ඉතිහාසයකට විහිද යයි. ප්‍රථම බැලේ නර්තනය ලෙස සැලකෙන්නේ ක්‍රි.ව 1489 දී ඉතාලියේ ටෝටොනා (Tortona) නගරයේදී රඟ දක්වන ලද ජේසන් සහ රන්ලොම් බැටළුවෝ යන බැලේ නාට්‍යයයි.ආරම්භක අවස්ථාවේදී බැලේ නර්තන කලාව ආදිපාදවරුන් සහ අනෙකුත් රාජකීය ප්‍රභූවරුන් අතර පමණක් පැවැති නර්තන කලාවකි. ඒ අනුව නර්තනයට සහභාගී වූයේ ද ඒවා නැරඹුවේ ද රාජකීය පවුල්වල කුලීනයන් ය.විවාහ මංගල උත්සව,රාජකීය භෝජන සංග්‍රහ, ප්‍රීති උත්සව සහ වෙනත් සුවිශේෂී ප්‍රිය සම්භාෂණ අවස්ථා වලදී මෙම නර්තනය ඉතාමත් ජනප්‍රිය එකක් විය.
ඉතාලියෙහි බිහි වූ මෙම නර්තන සම්ප්‍රදාය පසුව ප්‍රංශයට ව්‍යාප්ත විය. ප්‍රංශයේ රජ කළ 14 වැනි ලුවී රජතුමාගේ සමයේදී මෙය ප්‍රංශයේ ජනප්‍රියතම කලාවක් බවට පත්විය.එතුමා මෙම නර්තනය ප්‍රගුණ කළ අයෙකු වූවා සේම ඒ සඳහා නර්තනය පුහුණු කිරීමේ ආයතනයක් ද අරඹා ඇත. තවද 1661 වර්ෂයේදී ඇකඩමි ඩිලා ඩාන්ස් (Academy de la dance) නමැති බැලේ නර්තන පාසල ද ආරම්භ කරන ලදී.
බොහෝ කාලයක් පුරාවට රාජකීයයන්ට පමණක් සීමා වී තිබූ බැලේ නර්තන කලාව පසුව පොදු ජනයා වෙතට ද සමීප විය.ඉතාලියෙන් ප්‍රංශයට ව්‍යාප්ත වී ඉන් අනතුරුව එංගලන්තය , රුසියාව , ජර්මනිය , පෝලන්තය , ඇමරිකාව , ඔස්ට්‍රියාව වැනි රටවලටද මෙම නර්තන කලාව පැතිර යන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බැලේ නර්තනය එම එක් එක් රටවල සුවිශේෂී ලක්ෂණයන් ද ග්‍රහණය කර ගනිමින් විශාල දියුණුවක් කරා ක්‍රමක්‍රමයෙන් පැමිණෙන්නට විය. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේදී 1738 දී පිහිටුවන ලද ඉම්පීරියල් බැලේ නාට්‍ය ආයතනය ලෝකයේ බැලේ නාට්‍ය නිර්මාණයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.
විසිවන සියවසෙහි මෑද භාගය වන විට නාට්‍යානුසාරි බැලේ නර්තනයන් වෙත වැඩි අවධානයක් යොමු විය. එකල ශේක්ෂ්පියර්ගේ කෘති පවා බැලේ නර්තනය මගින් ඉදිරිපත් කරන්නට විය.
සම්භාව්‍ය බැලේ නාටක කිහිපයක් ලෙස ලෝකප්‍රකට හංසවිල , නිදි කුමරිය , රෝමියෝ ජුලියට් ,ගිනි කුරුල්ලා , ද නට් ක්‍රැකර් , පිලර් ඔෆ් ෆයර් ආදිය දැක්විය හැක.මුල් යුගයේදී ප්‍රධාන වාදන භාණ්ඩය ලෙස ඕගනය යොදාගත් අතර , පසුකාලීනව වයලීනය සහ පියානෝව ඇතුළු වාද්‍ය භාණ්ඩ රැසක් යොදා ගනිමින් බැලේ සංගීතය සැකසී ඇත.බැලේ නර්තනයෙහි එන ඇඳුම් පැළඳුම් කාලයෙන් කාලයට වෙනස් වන්නට වූ අතර වර්තමාන බැලේ නර්තන ශිල්පිනියන් තු-තු (tu-tu) නම් වූ කෙටිසායක් සහිත ඇඳුමක් සහ නර්තනයටම උචිත ස්කල්පෙ නම් සපත්තු යුගලක් පළඳියි.
බැලේ නර්තන කලාවෙහි ප්‍රවර්ධනය සඳහා දායක වූ නර්තන ය ශිල්පීන් සහ රංග රචකයින් බොහෝ ගණනක් ඇත. ඒ අතර ජීන් ජෝර්ජ් නොවේ , මේරියස් පෙටි පා , ඉසඩෝරා ඩන්කන් , රූත් ඩෙනිස් , කාලෝ බ්ලැසිස් , ආතර් මිචෙල් ආදීන් ඉතා ප්‍රකටය.
වාසනා වික්‍රමසිංහ