
සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහානාම මහතා භාවිත කළ පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
එම වෙඩිතැබීමට අදාළ පිස්තෝලය යොදාගත් බවට සැක කෙරෙනවා.
අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර ඇත්තේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයා ගැණුනු හිස් පිස්තෝල උණ්ඩ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා පරිහරණය කළ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩ ද යන්න පිළිබඳ රස පරික්ෂණ විමර්ශනයේදී පුළුල්ව සොයා බලන ලෙසයි.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.