/
/
title icon මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ...
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ...
Uresha Perera
2 months ago
Share:
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ...  මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ...

පසු ගිය කාලය ඇතුළත ලංකාව තුළ පුවත් විකාශයන් වලින් අපට අසන්නට ලැබුණු පුවත් වලින් ඇතැම් පුවත් හදවත සසල කරන්නට විය.සැබවින්ම මිනිසත් බව ආශිර්වාදයක් කර ගත් මිනිසුන් සේම මිනිසත් බව අයහපතට ප්‍රයෝජනයට ගන්නා පිරිසක් ද සිටී.මිනිසත් බව තිරිසන් සත්ත්වයෙකුගේ තරමට පහතට දමමින් අමානුෂික ලෙස ක්‍රියා කරන්නන් ද සමාජයේ බහුලය.

දරුවන් යනු අනාගතය බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි..‍එහෙත් ඉකුත් සතිය තුළ කාගේත් කතාබහට ලක් වූ වැලිඔය ප්‍රදේශයේ සිගිත්තියකට පුද්ගලයකු අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය කාගේත් හදවත් සසල කරන්නට වූයේ ඒ නිසාවෙනි.ඇය කුඩා දියණියක් වුවත් ඇය පුංචි වයසට දරා ගන්නා ආකාරය කාගේත් නෙතට කදුළක් එක් කරන්නට විය.සැබවින් ම ලැබූ මිනිසත් බවට අල්පයක්වත් වටිනාකමක් නොදුන් ඔහු හැසිරෙන්නේ තිරිසන් සතෙකු මෙනි.දෙවියකු වන්නේද තිරිසනකු වන්නේද  යන්න තීරණය වන්නේ ඔහුගේ/ඇයගේ ක්‍රියා කලාපය මතයි.මොහිදින් බෙග් ගායනා කරන

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ..

මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ..   ගීතය මතකයට ගෙන එයි.

මිනිසත්භාවය ලැබීම කෙතරම් දුර්ලභ කාරණයක් ද යන්න අමුතුවෙන් කිව යුත්තක් නො වේ.කැස්බෑවා විය සිදුරෙන්  අහස බලන්නා සේ උතුම් මිනිසත්බව ලැබීම ද එතරම්ම දුර්ලභය.එවන් දුර්ලභ මිනිසත්භාවයක් ලත් මිනිසාම නොමිනිසකු මෙන් හැසිරීම  කෙතරම් නම් අභාග්‍යක් ද?එවන් සිතක් පහළ වීමට තරම් මිනිස් සිත කෙතරම් නම් දූෂණය වී ඇත් ද යන්න සිතා බැලිය යුත්තකි.

මිනිසත්බව තිරිසන් බවට පත් කරන පුද්ගලයන් පමණක් නො ව මිනිසත්බව ආශිර්වාදයක් කර ගත් මිනිසුන් ද සමාජයේ නැතුවාම නොවේ.ඉකුත් අයහපත් කාලගුණය තුළ අපහසුතාවයට පත් වී සිටි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියේද මිනිසාමය.ඒ අතුරින් කතා බහට ලක් වූ අකුරැස්සේ ගැබිනි මවක් මහ ගංවතුරේ ‍ ‍ඩෝසරයක කුල්ල මත තබා ගෙන ප්‍රවේශමෙන් රෝහල වෙත රැගෙන ගිය සිදු වීම තුළින් පෙනී යන්නේ අපූරු මිනිසත්බව නොවේ ද ?ඒ එකමුතුබව මෙන්ම පරාර්ථකාමීත්වය නිසාවෙන් හුදෙක් එක් ජීවිතයක් නො ව ජීවිත ‍ දෙකක් ප්‍රාණය සුරකින්නට  හැකි විය.

මෙලෙස මනුසත් වෙසින් සිටින දෙවියන් වැනි මිනිසුන් තව තවත් ලොව පහළ වේවා යැයි මගේ එකම පැතුමයි.


 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required