
පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එම විශේෂ දුම්රිය කිහිපය අනුරාධපුරය - මිහින්තලය අතර ක්‍රියාත්මක වීමට නියමිතයි.
එමෙන්ම, කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිණෙන මගීන්ට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මකයි.
මේ වනවිට උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී නොමැති බැවින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් දුම්රිය යෙදවීමට නොහැකිව තිබෙනවා.
එම නිසා බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් මහව සහ අනුරාධපුර අතර බස් රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.