/
/
title icon
පොල් තෙල් මිල ඉහළට - ආනයනකරුවන්ට චෝදනා
පොල් තෙල් මිල ඉහළට - ආනයනකරුවන්ට චෝදනා
Editor
8 months ago
Share:
පොල් තෙල් මිල ඉහළට - ආනයනකරුවන්ට චෝදනා

වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ, එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන සිටීම තුළ මෙලෙස පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි.

පරිභෝගිකයන් සහ තොග වෙළෙඳුන් පවසන්නේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් සහ තොග වෙළදුන් පවසනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු, බුද්ධික ද සිල්වා මහතා පවසා සිටියේ, පොල්තෙල් ආනයනයකරුවන් හිතුමතේ තෙල් මිල තීරණය කර ඇති බවයි.

එසේම, ඉදිරියේ දී තෙල් බෝතලයක මිල රුපියල් 1,000ක් දක්වා වැඩි වීමේ ප්‍රවණතාවයක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required