
නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාව පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.
මීට පෙර අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අතර එම අවස්ථා දෙකෙහිම මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගෙන එය කල් දැමීමටයි පියවර ගත්තේ.
ඒ අනුව අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.
එහිදී ජනාධිපතිවරයාගේ නිර්දේශය දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති අතර අවසන් තීරණයකට එළඹීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර ඡන්දයක් ද පවත්වා ඇති බව සඳහන්.
ඒ අනුව අදාළ නිර්දේශයට විපක්ෂව ඡන්ද 05ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 03ක් පමණයි.