/
/
title icon
මී උණ රෝගීන් පන්දහසක් ශ්‍රී ලංකාවේ
මී උණ රෝගීන් පන්දහසක් ශ්‍රී ලංකාවේ
Editor
8 months ago
Share:
මී උණ රෝගීන් පන්දහසක් ශ්‍රී ලංකාවේ

වසරේ ගතවූ මාස 6 තුළ පමණක් මී උණ රෝගීන් 5,000ක් මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි.

මෙම රෝගයට හේතු වන බැක්ටීරියාව ප්‍රධාන වශයෙන්ම මීයන්ගේ මුත්‍රාවල අඩංගුවන අතර එය මේ වනවිට ගවයන්ගේ සුනඛයින් සහ ඌරන්ගේ මළ සහ මුත්‍රාවලද අන්තර්ගත බවට සොයාගෙන තිබෙනවා.

රෝගකාරක බැක්ටීරියාව සහිත අදාළ සත්වයන්ගේ මුත්‍රා ජලයට එක්වීමෙන් පසු එය මිනිස්  සිරුරට ඇතුළු වන්නේ පාදවල තිබෙන තුවාල මෙන්ම ඇස් හා මුඛයේ පවතින ශ්ලේෂ්මල පටල මඟිනි.

මේ පිළිබඳ අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය තුෂානි දබරේරා  මහත්මිය පැවසුවේ මී උණ හේතුවෙන් වසර පුරාම මරණ 100ක් හෝ එවැනි ඉහළ සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

බොහෝ අවස්ථාවලදී ප්‍රතිකාරවලට යොමු නොවූ පිරිස මෙම රෝගී තත්ත්වයෙන් මියයන බව ද පැවසු වෛද්‍යවරිය මී උණට ඖෂධ ඇති බවත් නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝගය සුව කළ හැකි බවත් කියා සිටියා.

කකුල් කැපී හෝ වෙනත් තුවාල ඇති පුද්ගලයින්ට මෙහි අවධානම වැඩි බව ද පැවසු වෛද්‍යවරිය දුෂිත ජලය මඟින් මුහුණ, මුඛය හෝ නාසය සේදීමෙන් ද බැක්ටීරියාව ශරීරගත විය හැකි බව පැවසුවා.

වී ගොවීන්, මැණික් පතල්කරුවන් මෙන්ම අපද්‍රව්‍ය සහ ඇළ මාර්ග සුද්ද පවිත්‍ර කිරීම් කරන සේවකයින්ට  වැළඳීමේ වැඩි අවදානමක් පවතින මී උණ, වැඩි වශයෙන් වාර්තා වන්නේ රත්නපුර, ගාල්ල, කෑගල්ල, මාතර, කළුතර, මොනරාගල, කුරුගණෑගල වැනි දිස්ත්‍රික්කවලින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required