
පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
දුම්රියෙන් පැමිණෙන ජනතාව වෙනුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළා.
අනුරාධපුරයට පැමිණෙන ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා කියා සිටියා.
මේ අතර මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් 20,000කට ආසන්න පිරිසක් රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.