/
/
title icon
යළිත් මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි
යළිත් මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි
Editor
8 months ago
Share:
යළිත් මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරනවා.

ඉදිරි පැය 36 සඳහා නි‍වේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

මාතලේ, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් සිහින් වැසි වාර කිහිපයක් අපේක්ෂා කරනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 40 - 50ක පමණ තද සුළං ඇති විය හැකියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required