
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වනවා.
බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඇතුළු දුත පිරිස ඉන්දීය රජය විසින් උණුසුම් අයුරින් පිළිගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් බලයට පත්වීමෙන් පසු විදේශ නායකයකුගේ පළමු සංචාරය මෙයයි.
බලශක්තිය, වෙළෙඳාම සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව එහිදී දෙරට අතර රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.