/
/
title icon
බ්‍රිතාන්‍යයේ LTTE තහනම තවදුරටත්
බ්‍රිතාන්‍යයේ LTTE තහනම තවදුරටත්
Editor
8 months ago
Share:
බ්‍රිතාන්‍යයේ LTTE තහනම තවදුරටත්

LTTE තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එක්සත් රාජධානියේ "තහනම් සංවිධාන ආභියාචන කොමිසම" එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබෙනවා.

එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයක්.

එම අභියාචනය ඉදිරිපත් කර තිබුණේ දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් TGTE ය විසින්.

2001 වසරේ මාර්තු 29 වනදා එක්සත් රාජධානිය තුළ තහනම් සංවිධාන ලැයිස්තුවට LTTE සංවිධානය ඇතුළත් කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required