
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටීමක් සිදු වූයේ නැහැ.
ඒ අනුව අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.