/
/
title icon
ගුරු විදුහල්පති විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස්
ගුරු විදුහල්පති විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස්
Editor
8 months ago
Share:
ගුරු විදුහල්පති විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස්

ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව සංවිධාන කර තිබූ විරෝධතාවයට කොළඹ - කොටුව ලෝටස් පාරේදී පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ගුරු - විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළා.

විරෝධතාව හේතුවෙන් කොටුව, ලෝටස් පාර සහ සෙසු ප්‍රදේශ රැසක දැඩි රථවාහන තදබදයක්ද හට ගත්තා.

වැටුප් විෂමතාවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු - විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් දිවයිනේ පාසල් රැසක කටයුතු අද අඩාල වී තිබූ අතර ඇතැම් පාසල්වල පාළු ස්වභාවයක් දක්නට ලැබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required