/
/
title icon
ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු අඩු කෙරේ
ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු අඩු කෙරේ
Editor
8 months ago
Share:
ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු අඩු කෙරේ

බස් ගාස්තු ලබන ජූලි 01 වැනිදා සිට සැළකිය යුතු ප්‍රතිශතයකින් අඩු වන බවත්, ගාස්තු අඩු වන ප්‍රතිශතය එදින නිල වශයෙන් නිවේදනය කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා පවසනවා.

බස් සංගම් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් ගාස්තු අඩු කිරීමට බස් සංගම් එකඟ වූ බවත් වෙල්ගම මහතා කියා සිටියා.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ලබන 1 වැනිදා ගාස්තු සංශෝධනයක් විය යුතු බව කී වෙල්ගම මහතා ඒ අනුව මෙම ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක වන බව ද සඳහන් කළා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ බස් ගාස්තු සියයට 5 කින් අඩු වන බවයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 28 ක් දක්වා අඩුවනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required