/
/
title icon
හිරුණිකා වසර තුනක් සිපිරිගෙට
හිරුණිකා වසර තුනක් සිපිරිගෙට
Editor
8 months ago
Share:
හිරුණිකා වසර තුනක් සිපිරිගෙට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත කොළඹ මහා අධිකරණය විසින් වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ඇයට එරෙහිව පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් පැවති නඩුවට අදාළ චෝදනා 18කට කොළඹ මහාධිකරණය විසින් ඇයව වරදකරු කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් වෙළෙඳසැලක සේවය කරමින් සිටි තරුණයෙකුව පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 08 දෙනෙකුට එරෙහිව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් ද කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණා.

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව වරදකරු කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required