/
/
title icon විස්සයි විස්ස ලෝක කුසලාන කිරුළ ඉන්දියාවට
විස්සයි විස්ස ලෝක කුසලාන කිරුළ ඉන්දියාවට
Editor
3 months ago
Share:
විස්සයි විස්ස ලෝක කුසලාන කිරුළ ඉන්දියාවට

වසර 17කට පසු 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.

ඒ 2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7කින් පරාජයට පත්කරමින්.

බාබෙඩෝස් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 34ක් තුළ දවා ගනිමින් දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කළා.

මෙම තරගාවලියේදී අසාර්ථක වු විරාත් කෝලි අවසන් තරගයේදී ලකුණු 76ක් රැස් කරමින් විශිෂ්ඨ පිතිකරණයක නිරත වුණා.

අක්ෂාර් පටේල් ලකුණු 47ක් සහ ෂිවම් ඩුබේ ලකුණු 27ක් රැස් කළ අතර ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත්වුණා.

කේෂාව් මහරාජ් සහ ඇන්රික් නෝකියා කඩුලු 2 බැගින් දවාගනු ලැබුවා.

ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් ලකුණු 52ක් රැස්කළ අතර ක්වින්ටන් ඩි කොක් ලකුණු 39ක් රැස්කළා.

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා සහ අර්ෂ්දීප් සිං කඩුලු 2ක බැගින් දවාගත් අතර හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක් දවාගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required