
මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනා අතරින් මේ වනවිට 3 දෙනෙකු මියගොස් තිබෙනවා.
තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය "ඩෙවෝන්" නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන්.
ඊයේ රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී ඇති අතර මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර තිබෙනවා.