/
/
title icon නිර්මාණාත්මක සන්නිවේදනය
නිර්මාණාත්මක සන්නිවේදනය
Uresha Perera
2 months ago
Share:
නිර්මාණාත්මක සන්නිවේදනය

නැවුම් බව හා සුවිශේෂී බව සහිත ප්‍රයෝජනවත් අර්ථසම්පන්න අදහසක් ඔස්සේ බිහිවන යමක් නිර්මාණයක් යනුවෙන් සරලව අදහස් වෙයි.නිර්මාණයක් ගුණාත්මක සන්නිවේදන කාර්යය ඉටු කර ගැනීම සඳහාත් ඉහළ ඍජුකත්වයක් ඇති කිරීම සඳහාත් ඉවහල් වේ.නිර්මාණය යන්න නිර්වචනය කිරීමට හැක සංකල්පයක් නොවේ එය පුළුල් පරාසයක විහිදී පවතී.එක් එක් නිර්මාණ සඳහා විවිධ වූ නිර්වචන බිහිවී ඇත.උදාහරණ ලෙස ගතහොත් කාව්‍ය නිර්මාණ චිත්‍ර නිර්මාණ නාට්‍ය නිර්මාණ ආදිය පිළිබඳව විවිධ නිර්වචන දැකිය හැකිය.

සන්නිවේදනය මානව සමාජයේ වැදගත්ම ක්‍රියාකාරකම්වලින් එකක් බව අපි කවුරුත් දන්නා කරුණකි.ඉතා සරල ක්‍රමවල සිට වඩාත් සංකීර්ණ සහ නිර්මාණාත්මක ක්‍රම දක්වා වූ විවිධ උපායමාර්ග යොදා ගනිමින් සන්නිවේදනය සිදු කරයි. ඈත අතීතයේ සිටම පුද්ගලයා සන්නිවේදනය සඳහා විවිධ වූ නිර්මාණාත්මක ක්‍රම යොදාගෙන තිබූ බව සඳහන්වේ.සාමාන්‍ය සමාජයෙහි සිදුවන සන්නිවේදනයේදීමෙන්ම සන්නිවේදනයේදීමෙන්ම මාධ්‍ය හරහා කරන සන්නිවේදනයේදී දැන් නිර්මාණාත්මක භාවයට වැඩි වැදගත්කමක් හිමිවේ.විශේෂයෙන්ම ජනමාධ්‍ය හා නව මාධ්‍යවල වාණිජ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා නිර්මාණාත්මක සන්නිවේදන විධික්‍රම භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.එයා මේ වන විට තරගයක් දක්වාම වර්ධනය වී ඇත.

සන්නිවේදන කාර්යයේදී ලිඛිතව හෝ වාචිකව හෝ වෙනත් ඕනෑම ආකාරයකින් යමක් සෘජුව ප්‍රකාශ කළ හැකිය.එහෙත් සෘජුව ප්‍රකාශ කිරීමට වඩා එම ප්‍රකාශයේ යම් වින්දනයක් ලැබෙන පරිදි ඉදිරිපත් කර විට එය සඳහා වැඩි ආකර්ෂණයක් ලැබේ.එම වින්දනය ග්‍රාහක ඔබ ලබන්නේ එම ප්‍රකාශනයෙන් යම් අපූර්වත්වයක් අත්විඳින බැවිනි.මෙම අපූර්වත්වය තම ප්‍රකාශනය තුළ ගැබ් කිරීම සෑම පුද්ගලයෙකුටම කළ නොහැකිය.නිර්මාණශීලීව සන්නිවේදනය සිදුකිරීමට නම් නිර්මාණ ගුණය පිළිබඳ අවබෝධයක් ලබා තිබීම වැදගත්ය.කෙටියෙන්ම පවසතොත් නිර්මාණකරුවකු වීමට සෑම පුද්ගලයෙක්ටම නොහැකිය.නිර්මාණයක ගුණාංග බොහොමයක් අන්තර්ගත වෙයි.ඉන් වැදගත් ගුණාංග කිහිපයක් ලෙස,

නැවුම් බව

සුවිශේෂී බව

ප්‍රයෝජනවත් බව

අර්ථ සම්පන්න බව

ගුණාත්මක සන්නිවේදනයක් සිදුවීම

ඉහළ රුචිකත්වයක් ඇති කිරීම 

සංවේදී බව

සියුම් ලෙස සිතීමේ හැකියාව යන ගුණාංග ගැබ් වූ පණිවුඩයක් තුළ නිර්මාණාත්මක බව අන්තර්ගත වේ.නිර්මාණකරුවෙක් වීමට නම් ප්‍රධාන වශයෙන්ම සන්නිවේදන කාර්යයේදී භාෂා හැකියාව මෙන්ම සන්නිවේදන හැකියාව ප්‍රගුණ කර ගත යුතුය.සන්නිවේදන හැකියාව සඳහා නිර්මාණ කාර්ය ඉතා වැදගත්ය.යම් තොරතුරක් අපූර්ව ආකාරයෙන් ආකර්ෂණය ලෙස ග්‍රහකගත කිරීමත් එමඟින් ග්‍රාහකයා සන්නිවේදන කාර්ය සඳහා පොළඹවා ගැනීමත් ඒ අනුව සිදුවේ.

නිර්මාණාත්මක සන්නිවේදනය මූලික වශයෙන් සාම්ප්‍රදායික හා නවීන ලෙස දෙයාකාර වේ. සාම්ප්‍රදායික නිර්මාණාත්මක සන්නිවේදන ගණයට ජනශ්‍රැති , ජනකලා, ජනවහර ,ජන සාහිත්‍ය ,සිරිත් විරිත් හා ආචාරධර්මත් නවීන නිර්මාණාත්මක සන්නිවේදනයට ජන මාධ්‍ය නිර්මාණ හා නව මාධ්‍ය නිර්මාණ අයත්වේ .

උරේෂා පෙරේරා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required