/
/
title icon
පාරින්ද හෙට වැඩබලන නීතිපති ලෙස දිවුුරුම් දෙයි
පාරින්ද හෙට වැඩබලන නීතිපති ලෙස දිවුුරුම් දෙයි
Editor
7 months ago
Share:
පාරින්ද හෙට වැඩබලන නීතිපති ලෙස දිවුුරුම් දෙයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදායින් අවසන් වීම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණා.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරිමට පියවර ගෙන තිබෙනවා.

ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතයි.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකුද වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required