
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව නිර්ණායක 12ක් සැලකිල්ලට ගනිමින් සෑම වසරකම ජුලි මස පළමු වනදා බස් ගාස්තු සංශෝධනය කෙරෙනවා.
මෙවර ගාස්තු සංශෝධනයේ දී සියයට 5.07කින් බස් ගාස්තු අඩු කරන අතර රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා රුපියල් දෙකකින් අඩු කෙරෙනු ඇති.
ඒ අනුව, අධිවේගී මාර්ග ඇතුළු සියලුම බස් රථවලට අදාළ නව ගාස්තු ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා.