/
/
title icon
දයාසිරිට දුන් තීන්දුව පිළිගන්නවා - මෛත්‍රීපාල කියයි
දයාසිරිට දුන් තීන්දුව පිළිගන්නවා - මෛත්‍රීපාල කියයි
Editor
7 months ago
Share:
දයාසිරිට දුන් තීන්දුව පිළිගන්නවා - මෛත්‍රීපාල කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතාට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඒ අනුව ජයසේකර මහතා සමඟ  සහයෝගයෙන් කටයුතු කරන බවත් නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම් බවත් කියා සිටියා.

හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමේදී  ඔහු සඳහන් කළේ අධිකරණයේ තීන්දුව  ගැන සතුටු වන බවත් ඒ අනුව කිසිදු මතභේදයකින් තොරව හිටපු ජනාධිපතිවරයා සමගද පක්ෂය  වෙනුවෙන් සිය නොමද කැපවීම ඉදිරියටම සිදුකරන බවයි.

අධිකරණයේ තීන්දුව ප්‍රකාර තමාගේ ලේකම් තනතුර සඳහා කිසිවෙකුටත් බාධා කිරීමට නොහැකි බවද ඔහු සිහිපත් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required