/
/
title icon
ජනපතිගේ ධුර කාලය ගැන අර්ථ නිරූපණයක් ඉල්ලා පෙත්සමක්
ජනපතිගේ ධුර කාලය ගැන අර්ථ නිරූපණයක් ඉල්ලා පෙත්සමක්
Editor
9 months ago
Share:
ජනපතිගේ ධුර කාලය ගැන අර්ථ නිරූපණයක් ඉල්ලා පෙත්සමක්

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් නීතිඥ චමින්ද්‍ර ලෙනව මහතා ඉල්ලීමක් කරනවා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නියමිත පරිදි සංශෝධනය කර නොමැති එබැවින් මෙම අර්ථකථනය ලබාදෙන ලෙසත් සඳහන් කර තිබෙනවා.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, කොමසාරිස්වරුන් සමග නීතිපතිවරයා නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

පෙත්සම විභාග කොට අවසන් වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය නියමිත පරිදි සංශෝධනය නොවූ බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් මේ පෙත්සම මගින් අදාළ නීතිඥවරයා ඉල්ලා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required