
රේගු වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළා.
අත්තනෝමතික ලෙස ආදායම් අධිකාරී පනතක් ගෙනඒම හා රේගු ආඥා පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් අද සහ හෙට යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමටයි රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබුණේ.
එහෙත් මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ භාණ්ඩ නිෂ්කාෂන කටයුතුවලට බාධා එල්ල වුණා.