/
/
title icon
කඩුවෙලට සහ කොලොන්නාවට හදිසි ජල කප්පාදුවක්
කඩුවෙලට සහ කොලොන්නාවට හදිසි ජල කප්පාදුවක්
Editor
7 months ago
Share:
කඩුවෙලට සහ කොලොන්නාවට හදිසි ජල කප්පාදුවක්

කඩුවෙල සහ කොලොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල සීමාව, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති. 

අද (04) රාත්‍රී 9 සිට හෙට (05) පස්වරු 3 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් මීට හේතු වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required