
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානය අද කොළඹ දී විවෘත කළ අවස්ථාවට එක්වෙමින්.
එම අවස්ථාවට පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.