/
/
title icon
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ⁣ඩොලර් බිලියන අටක සහනයක් - ජනපති කියයි
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ⁣ඩොලර් බිලියන අටක සහනයක් - ජනපති කියයි
Editor
7 months ago
Share:
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ⁣ඩොලර් බිලියන අටක සහනයක් - ජනපති කියයි

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ඩොලර් බිලියන 08ක සහනයක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණයහිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණයහිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුවා.

ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බව ජනාධිපති පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමට අද පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required