/
/
title icon
වෙඩි ප්‍රහාරයකින් ක්ලබ් වසන්ත මරුට - කේ. සුජීවාට සැත්කමක්
වෙඩි ප්‍රහාරයකින් ක්ලබ් වසන්ත මරුට - කේ. සුජීවාට සැත්කමක්
Editor
7 months ago
Share:
වෙඩි ප්‍රහාරයකින් ක්ලබ් වසන්ත මරුට - කේ. සුජීවාට සැත්කමක්

අතුරුගිරිය නගරයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත එහිදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ සමගම තවත් සිව් දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය කියා සිටියා.

ඇය ⁣කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනය කෙරුණු අතර, මේ වනවිට දැඩි සත්කාර ඒකකයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required