/
/
title icon
ක්ලබ් වසන්ත ඝාතනයට හතක් පොලීසිය අල්ලයි
ක්ලබ් වසන්ත ඝාතනයට හතක් පොලීසිය අල්ලයි
Editor
7 months ago
Share:
ක්ලබ් වසන්ත ඝාතනයට හතක් පොලීසිය අල්ලයි

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරුවන් වන්නේ අදාළ වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයින් සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයින්.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුට රුපියල් ලක්ෂ 10ක මුදලක් වරින් වර ලැබී ඇති බවයි.

ව්‍යාපාරිකයකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඊයේ උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් මියගියා.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සහකරු වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required