/
/
title icon
වර්ජන දිනවලදීත් වැඩට ගියා නම් වැටුප් වර්ධකයක්
වර්ජන දිනවලදීත් වැඩට ගියා නම් වැටුප් වර්ධකයක්
Editor
7 months ago
Share:
වර්ජන දිනවලදීත් වැඩට ගියා නම් වැටුප් වර්ධකයක්

විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අද (09) කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මෙම අවස්ථාව හිමිවන්නේ 2024 ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ පුද්ගලයින්ටයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් 2024 ජුලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required