/
/
title icon
විදුලි සංදේශ පනත් කෙටුම්පත මැතිසබයේදී සම්මතයි
විදුලි සංදේශ පනත් කෙටුම්පත මැතිසබයේදී සම්මතයි
Editor
7 months ago
Share:
විදුලි සංදේශ පනත් කෙටුම්පත මැතිසබයේදී සම්මතයි

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත ⁣වුණා.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කිරීමටද පියවර ගනු ලැබුවා.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 වැනිදා තාක්ෂණ අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර වසර 28කට පසුව මෙම පනත සංශෝධනය සිදු කිරීම සිදු ⁣කෙරුණා.

ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වඩාත් තරඟකාරී වෙළෙඳපොළක් තුළ පාරිභෝගිකයාට වඩාත් සාධාරණයක් ඉටු කිරීම පිණිස අවශ්‍ය නියාමනය සඳහා ඉඩ ප්‍රස්ථාව මෙම සංශෝධනය මගින් සලසා දී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පෙන්වා දෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required