/
/
title icon උදෑසන ආහාරය ශරීරයට වැදගත්ද ?
උදෑසන ආහාරය ශරීරයට වැදගත්ද ?
Uresha Perera
3 months ago
Share:
උදෑසන ආහාරය ශරීරයට වැදගත්ද ?

අතීතයේ පැරැන්නන් ආහාර වල වැදගත් භාවය අනුව උදෑසන ආහාර වේල රජෙක් ලෙසත්, දහවල් ආහාර වේල කුමාරයෙක් ලෙසත් රාත්‍රි ආහාර වේල දුප්පතෙකු ලෙසත් ලබා ගැනීමට දක්වා ඇත.අතීතය පමණක් නොව වර්තමානය තුළද උදෑසන ආහාර වේලේ වැදගත් භාවය පිළිබඳව වෛද්‍යවරුන් නිරන්තරයෙන් පරීක්ෂණ සිදු කරනු ලබනවා.උදෑසන ආහාර වේල ශරීරයට වඩාත් වැදගත් බව ඇතැම් විද්‍යාඥයන් පවසද්දී තවත් විද්‍යාඥයින් ප්‍රතිවිරුද්ධ අදහස් දක්වමින් උදෑසන ආහාර වේල ලබා ගැනීමේ තරම්ම වැදගත් නොමැති බවද සඳහන් කරයි.

කෙසේ නමුත්  2017 වසරේ දී කොළොම්ඹියානු සරසවිය මගින් සිදු කළ අධ්‍යනය මගින් තහවුරු වී ඇත්තේ උදෑසන ආහාරය නොවරදවා ගැනීම හා ආහාරවේල ලබා ගන්නා වේලාව හෘද රෝග ඇතිවීම කෙරෙහි සම්බන්ධතාවයක් පවතින බවයි.ඒ අනුව ඔවුන් දක්වන්නේ උදැසන ආහාර ආහාරවේල ප්‍රමාද කිරීම හා උදෑසන ආහාර වේල මගහරින්නන් කල්යත්ම හෘද රෝග,ආඝාතය,අධි රුධිර පීඩනය,රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම,ස්ථූලතාවය ආදී රෝගයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බවයි.

විශේෂයෙන්ම කාර්යබහුල ජීවන් රටාවත් සමඟ උදෑසන ආහාරය පමා කරන්නන් හා මගහරින්නන් බොහෝ විට කුසගින්න මගහරවා ගැනීමට ක්ෂණික ආහාර වෙත යොමුවේ.එම ආහාර වර්ගවල පෝෂණය අඩුවීම මත විවිධ පෝෂණ උණතාවයන්ට ඔවුන් ගොදුරු වන බවත් පසු කාලීනව බෝ නොවන රෝග රැසකට ඔවුන් ගොදුරු වන බවත් මෙම අධ්‍යනය මගින් සොයාගෙන ඇති බව දක්වා ඇත.

එසේ නමුත් රාත්‍රී නින්දෙන් අනතුරුව නව දවසක් ඇරඹීමේ දී දවස ප්‍රබෝධවත් ලෙස මෙන්ම ජව සම්පන්න ලෙස ආරම්භ කිරීමට නම් උදෑසන ආහාරය ඉතා වැදගත් වේ.වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් උදෑසන ආහාරය වැදගත්ය.විශේෂයෙන්ම පාසලන වයසේ පසු වන කුඩා දරුවන් උදෑසන ආහාරය මඟහැරීමට පුරුදුව සිටියත් ඒ තරම් යහපත් නොවන ක්‍රියාවක් බව පැහැදිලිය.එම් නිසා අනාගතය භාර ගැනීමට සිටින දරුවන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ යුතු නිසා උදෑසන ආහාරය මග නොහැර ලබාදිය යුතුවේ.

උරේෂා පෙරේරා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required